top of page
ඉඩම්, නිවාස, රථ වාහන ඇතුළු අනෙකුත් ලුහුඩු දැන්වීම් දැන් නොමිලේ පලකරගන්න. පිවිසෙන්න මෙතනින්. | Facebook Fan Page | Hotline: 0775947051
අන්තර්ජාල ප්රචාරක කලාවේ නව්‍යකරණය
Lahipita Video Tube
Xinshu Medical Centre
Xinshu Medical Centre
ශරීරයේ ජීව ශක්තිය වඩවන ආයුර්වේද
චීන කටු චිකිත්සාව
ලෝකයේ පවතින ආදිතම වෛද්‍ය ක‍්‍රමයක් ලෙස කටු චිකිත්සාව හැඳින්විය හැකිය. ලේඛනගත ඉතිහාසය දෙස බලන විට හුවාන් ඩිනේජින් නම් චීන කහ අධිරාජ්‍යයාගේ කොටසක් විස්ත වෙන අතර සූ වෙන් කොටසක් විස්තර වෙන අතර සු වෙන් කොටස ආධ්‍යාත්මක ශාස්ත‍්‍රීය ලියවිල්ලක් ලෙස පවතී මෙම කෘතියෙහි නිලස්ථාන 565ක්, කටු චිකිත්සාව සිදු කරන ආකාරය, සුවකරන රෝග හා එක් එක් රෝගියාට කටුු යෙදිය යුතු ආකාරය මෙන්ම එකල භාවිත වූ කටු වර්ග 9ක් පිළිබඳවත් සඳහන් වේ.
කෙසේ වෙතත් කටු චික්තිසාව මෙරට පැවති නිල වෛද්‍ය ක‍්‍රමය යැයි මතයක් පවතී. පෘතුගීසි හා ලන්දේසි ආක‍්‍රමණය නිසා දේශීය වෛද්‍යවරන් මරාදැමීම තුළ මෙම වෛද්‍ය ක‍්‍රම චීනයට ගෙනගොස් චීන කටු චිකිත්සාව ලෙස වර්ධනය වූ දැක්වේ. කෙසේ වුවද චීන කටු ක‍්‍රමය යටතේ රෝග රැුසකයට ප‍්‍රතිකාර ලබාගත හැකිය.
උස වැඩි කිරීම.
මේ සඳහා ලෝකයේ ඇති එකම වෛද්‍ය ක‍්‍රමය කටු චිකිත්සාවයි. ශරීරයේ උස සම්බන්ධව ක‍්‍රියා කරන ප‍්‍රධාන ග‍්‍රන්ථිය පිටියුටරි ග‍්‍රන්ථියයි. පූර්ව පිටියුටරියෙහි වර්ධක හෝමෝනය (Growth Hormone) සොමැටොට් ට්‍රොපින් යන හෝමෝන මේ සඳහා ක‍්‍රියා කරයි. කටු චිකිත්සාව තුළින් ග‍්‍රන්ථි ක‍්‍රියාකාරීත්වයන්ගේ සමතුලිත ත්ත්වයක් ඇති කළ හැකිය. මේ සඳහා ප‍්‍රධාන වශයෙන් Endocrine point භාවිත කරන අතර එයට අමතරව තෝරාගත් "යෝග" ව්‍යායාම කිහිපයකුත් උපකාර කරගෙන සාර්ථකව කරගත හැකිය. එවැනි සාර්ථක ප‍්‍රතිඵල අත්කරගත් බොහෝ දෙනෙක් ඒ බවට සාක්‍ෂි දරනු ඇත.
ආතරයිටීස්
ආතරයිටීස් වර්ග කිහිපයක් වෙයි. ඔස්ටියෝ ආතරයිටීස්, රුවවොයිඞ් ආතරයිටීස්, රූමැටික් සන්ධි ආසාධනය, ග්‍රෙව් ස්පොන්ඩිලෝයිස්, කට් ස්පොන්ඞ්ලෝයිස්, ග‍්‍රවුට් මෙයින් ඉතාම සුලබ තත්ත්ව ඔස්ටියෝ ආතරයිටීස් වෙයි. මෙහිදී සන්ධියක අස්ථි මතුපිට කාට්ලේජ් දිරාගොස් අස්ථිය සිනිදු බව නැති වී රළු වෙයි. පෑදුණු අස්ථි අසාමාන්‍ය ලෙස වර්ධනය වෙයි. වියපත් අයෙගෙන් 90% පමණ මෙය දක්නට ලැබේ. මෙහිදී සන්ධියේ ක‍්‍රියාකාරීත්වය අඩපණ වී වේදනාකාරී වේ. කෙසේ වුවද ඇමෙරිකා එක්සත් ජනපදයේ හාවේඞ් විශ්වවිද්‍යාලය මගින් කල පරීක්‍ෂණයකදී ,කටු චිකිත්සාව, මගින් එම අස්ථි ආශ‍්‍රිතව අයිසොපප‍්‍රීන් නමැති රසායනය ඇති වන බවත්, මෙමගින් කාට්ලේජ නැවත වැඩිවීමක් ඇතිකර ගත හැකි බවත් සනාථ කර ඇත.
හිසරදය
විවිධ වර්ගයේ හිසරදයන් ඇත. ආතතිමය හිසරදය Tenion Headache වාහිනීමය (Vascular) හිසරදය Post concussion අධික කම්පනයට හැප්පීමකට පසුව ඇති වන හිසරදය ඉදිරිපස පටක ආසාදනය (Sinusitis) ඇතිවන හිසරදය තවද මොළයේ රුධිර වාහිනී සංකෝචනය නිසා හටගන්නා ඉරුවාරදය වැනි ත්ත්තවයන් ස්ථීර සුවයක් ඇති කළ නොහැකි බව බටහිර වෛද්‍ය මතය වුවද කටු චිකිත්සාව සමහර යෝග ව්‍යායාම ක‍්‍රමත් යොදගෙන මේ ආකාරයේ හිසරදයන් නිට්ටාවට සුව කළ හැකි බව මා හට පැවසිය හැකිය.
සමේ රෝග සහ රූපලාවන්‍ය හා බර අඩු කිරීම.
මුහුණ රැුළි වැටීම, මුහුණු මාංශ පේශී එල්ලා වැටීම, බොහෝ විට සිදුවන්නේ ක‍්‍රමයෙන් වියපත් වීමත් සමඟය. මෙහිදී කොලැජන් තන්තු ප‍්‍රමාණවත් පරිදි නොමැති වීම ප‍්‍රධාන හේතුවයි. කුරුලෑ හා කැළැල් ඇතිවීමට හේතුව යොවුන් වියේදී ඇතිවන ග‍්‍රන්ථි ක‍්‍රියාකාරිත්වයන් නිසාය. මෙම තත්ත්වයන් නැතිකර ගැනීම සඳහා කටු චිකිත්සාවේ ප‍්‍රත්‍යක්ෂ ප‍්‍රතිකාර ක‍්‍රම ඇත. මෙහිදී මුහුණේ ඇති ග‍්‍රන්ථි නිසියාකාරව ක‍්‍රියාත්මක වීම සඳහා නියමිත නිල ප‍්‍රතිකාරයත්, ලේසර් ප‍්‍රතිකාරයත් යොදා ගනී.
හිසකෙස් ගැලවී යාම හා වැඞීම
1960 ඔරෙන්ටේරයිට් විසින් පුරුෂයන්ගේ හිසකෙස් යෑම ඇනඩ්‍රොජෙනටික් ඇලොපේෂියා නමින් හඳුවනු ලැබීය. මෙය සිදුවන්නේ සමේ ටෙස්ටොස්ටොරොන් හෝර්මෝනයේ ඩයිසිඩ්‍රෝ ටෙස්ටොස්ටෙරෝන් (Dihydro Tesostrrone) මට්ටම වැඩිවීම නිසාය. මානසික ආතතිය නිසාත්, වෙනත් රසායනික හේතු නිසාත් මෙම ත්ත්වය උග‍්‍ර වේ. චීන කටු චිකිත්සාව මගින් මෙය සාර්ථකව මැඩපැවැත්විය හැකිය.
ඇදුම හා පීනස
පෙණහලූ වල වායුමාර්ගයේ ගැස්මත්, ආසාත්මිකතාවත් විෂබීජ නිසාත්, මානසික තත්ත්වයත් නිසාත් මෙය ඇති වේ. නාසයේ ස්ලේශ්මල පටල ඉදිමීම, උගුර සම්බන්ධ පොසු ආසාත්මිකතාවයන් නිසාත් පීනස ඇති වේ. මෙහි ලක්‍ෂණ නම් කිවිසුම් යාම, කඳුළු ගැලීම යන ආදියයි. මෙම රෝග තත්ත්වය චීන කටු චිකිත්සාව ආයුර්වේද ප‍්‍රතිකාර මගින් සාර්ථකව සුවකල හැකියි.
මීට අමතරව වෛද්‍ය සුමිත‍්‍ර මනම්පේරී මහතාගෙන් අධි රුධිර පීඩනය, දියවැඩියාව, පාර්කින්සන්, අංශභාගය, කොලොස්ටරෝල්, මානසික රෝග, ස්නායු රෝග නින්ද නොයාම ඇතුළු සර්වාංග රෝග සඳහා ප‍්‍රතිකාර ලබාගත හැකි අතර,
0714222954 හෝ 0777354220
දුරකථන අංක මාර්ගයෙන්
සින්ෂු මෙඩිකල් සෙන්ටර්
453/1 පරණ පාර මොරකැටිය, පන්නිපිටිය.(ආ.ලි.අං. 14679)
ආයුර්වේද වෛද්‍ය, චීන කටු විශේෂඥ
වෛද්‍ය සුමිත‍්‍ර මනම්පේරී
bottom of page