ඉඩම්, නිවාස, රථ වාහන ඇතුළු අනෙකුත් ලුහුඩු දැන්වීම් දැන් නොමිලේ පලකරගන්න. පිවිසෙන්න මෙතනින්. | Facebook Fan Page | Hotline: 0775947051
අන්තර්ජාල ප්රචාරක කලාවේ නව්‍යකරණය
මට්න් බිරියානි එකක් හදමු නේද?
අවශ්‍ය ද්‍රව්‍ය
-
බාස්මතී කිලෝ 1
-
එළුමස් ග්‍රෑම් 750
-
බී ලූණු ග්‍රෑම් 100
-
තක්කාලි ග්‍රෑම් 100
-
අමු මිරිස් කරල් 5
-
මින්චි කොළ 10
-
මිරිස් කුඩු තේ හැඳි 1/2
-
ලුණු රහ අනුව
-
කොත්තමල්ලි කොළ 10
-
කහ තේ හැඳි 1/2
-
තෙල් මේස හැඳි 2
-
එළඟි තෙල් මේස හැඳි 1/2
-
සුදු ලූණු බික් 05
-
ඉඟුරු කැබැල්ලක්
-
රතු ලූණු ග්‍රෑම් 100
-
එළුමස් පදම් කිරීම සඳහා යෝගට් මේස හැඳි 1
-
දෙහි යුෂ තේ හැඳි 1
-
කළු ගම්මිරිස් තේ හැඳි 1/2
සාදන ක්‍රමය
-
පළමුව එළුමස් කටු රහිතව ගෙන තීරැ සහිත කුඩා තීරු සහිත කුඩා කැබලි කපා සෝදා ගන්න.
-
යෝගට්, දෙහි යුෂ, ලුණු, කහ, කළු ගම්මිරිස් සියල්ල බඳුනකට බහා හොඳින් මිශ්‍ර කර ගන්න.
-
සුදුලූණු බික් 3ක් සහ ඉඟුරු සමඟ අඹරා තලපයක් සේ සකසා එයද යෝගට් මිශ්‍රණයට එකතු කරන්න.
-
පසුව සෝදා වතුර වියළා ගත් මස් කැබැලි එම මිශ්‍රණයෙහි බහා හොඳින් අනාගන්න
-
එයට පසු බඳුනෙහි කට පොලිතින් හෝ ලන්ච්ෂීට් එකකින් ආවරණය කර පැය 1 1/2 ක් පමණ ශීතකරණයේ තබන්න
-
බාස්මතී සහල් සෝදා බෙරි නොවන සේ පිසගන්න.
-
රතු ළූනු කුඩාම ගෙඩි තෝරා ගන්න ඔළුව කපා සුද්ද කර ගන්න.
-
කොත්තමල්ලි සහ මිංචි කොළ සෝදා වතුර වියළා ගන්න.
-
අමු මිරිස් දෙකට පළාගන්න
-
තක්කාලී සහ බී ලූණු කොටු හැඩයක් අනුව තරමක් විශාලව කපා ගන්න.
-
පදම් වූ මස් පමණට නොවැඩි වතුර ප්‍රමාණයක් දමා මඳ ගින්නේ තම්බා උණුසුම පහව යනතෙක් තබන්න.
-
වොක් එකක් මඳ ගිනදර රස්නයට ළිප තබා එයට තෙල් දමා රත්ව එන විට සුදු ළූනුබික් 2, මිංචි සහ කොත්තමල්ලි කොළ දමා බැද ගන්න.
-
ඉන්පසු රතුලුණු ගෙඩි පිටින් සහ අමු මිරිස්ද බැදගන්න.
-
කහ මිරිස් කුඩු, ලුණුද එකතු කරන්න.
-
ඉන් අනතුරැව තම්බා ගත් මස්ද ටිකෙන් ටික එකතු කරමින් තෙලෙන් පිස ගිතෙල්ද මිශ්‍ර කර පිසගත් බතද එකතු කර සියල්ල කලවම් වී යන ආකාරයට හොඳින් කූරු ගා ගන්න.
-
අවසානයේ ළිප නිවා දමා බී ලූණු සහ තක්කාලී මිශ්‍ර කරගන්න.