top of page

දෑසේ සුන්දරත්වය වැඩි කරන 

EYE Liner

දැස් යුගල ශරීරයේ සුන්දරතම අංගයක්. දෑස්වල දීප්තිය, ලස්සන තව තවත් වැඩි කරගන්න දෑස්වලට අපි නොයෙකුත් මේකප් වර්ග භාවිතා කරනවා. දෑස්වල සුන්දරත්වය වඩාත් වැඩි කර පෙන්වීමට බොහෝ යුවතියන් මෙම Eye Liner යොදා ගනු ලබනවා. 

නමුත් අයි ලයිනර් නිසි ආකාරයෙන් ආලෝප කරගැනීමට නොහැකි විම අද බොහෝ යුවතියන්ට ගැටළුවක් වෙලා තියෙනවා. එසේම දෑසේ ස්වභාවය අනුව මෙය ආලේප කරගැනීමට දැනුවත් භාවයක් නොමැති වීම තුලින් ලස්සන අවලස්සන වෙනවා. 

එ් නිසා අපි බලමු මේ Eye Liner නිසි ආකාරයට භාවිතා කරන්නේ කොහොමද කියලා.​

ප්‍රථමයෙන් අයි ලයිනර් එකක් තෝරා ගැනීම පිළිබඳව අපි අවධානය යොමු කරමු. මෙහිදි අයි ලයිනර් ආකාර තුනක් හඳුනා ගන්න පුළුවන්.

අයි ලයිනර් පැන්සල

  • අයි ලයිනර් පැන්සල ආලේප කිරීම ඉතාම පහසුයි. ඒ වගේම විසිරී යෑමක් සිදුවන්නේ නැති නිසා බොහෝ යුවතියන්ට මෙය භාවිතය ඉතාමත් පහසු වේ.

ජෙල් අයි ලයිනර්

  • කුඩා බුරුසුවක් සහිතව මිලදි ගැනීමට තිබෙන අතර මඳක් මහත අයි ලයිනර් එකක් ඇඳ ගැනීමට මෙම වර්ගය ඉතාමත් සුදුසු වේ.

දියරමය අයි ලයිනර්

  • බොහෝ දෙනෙක් භාවිතා කිරීමට කැමති මෙම දියරමය අයි ලයිනර් භාවිතය පිළිබඳ වඩාත් සැලකිලිමත් විය යුතු වේ.

  • අයි ලයිනර් මිලදී ගැනීමේදී ඔබේ දෑසේ වර්ණය පිළිබඳව වඩාත් සැලකිලිමත් විය යුතුය. ලාංකික බොහෝ යුවතියන්ගේ දෑසේ වර්ණය කළු පැහැයට හුරු තද තද දුඹුරු වර්ණයයි. ඒ වගේම ළා දුඹුරු දෑස් හිමි යුවතියන්ද දැකගත හැකි වේ. 

තද දුඹුරු පැහැති දෑස් හිමි යුවතියකට කළු දුඹුරු වගේ වර්ණ වඩාත් යෝග්‍ය වේ. 

දුඹුරු පැහැති දෑස් හිමි යුවතියකට කළු, දුඹුරු, සිල්වර්, ගෝල්ඩ් වැනි වර්ණ වඩාත් සුදුසු වේ.

 

  • අයි ලයිනර් එකක් තෝරා ගැනීමේදී වර්ණය ගැන වගේම අයි ලයිනර් එකේ ප්‍රමිතිය ගැනත් සොයා බැලිය යුතුයි. දෑස ආසන්නයේ ආලේප කරන මේකප් වර්ගයක් බැවින් කල් ඉකුත් වූ හෝ ප්‍රමිතියෙන් තොර අයි ලයිනර් එකක් භාවිතා කිරීම ඔබේ දෑස්වලට බලපෑම් ඇති කිරීමට පවා සමත් වීමට ඉඩ තියෙනවා. ඒ නිසා සෑම විටම ඔබ මිලදී ගන්නා අයි ලයිනර් වර්ගයේ ප්‍රමිතිය ගැන සැලකිලිමත් වන්න. ඒ වගේම කල් ඉකුත් වන දිනය පිළිබඳව ඉතා හොඳින් සොයා බලන්න.

 

  • අයි ලයිනර් ගැල්වීම

දෑසේ මුල් කොටසේ සිට අයි ලයිනර් එක භාවිතා කළ යුතුයි. එකවර ආලේප කිරීම අපහසුනම් ප්‍රථමයෙන් ඔබට අවශ්‍ය ආකාරයෙන් මුලික ලෙස ලයින් එක ඇඳගැනීම ඔබට කළ හැකිය. විශාල දෑස් හිමි යුවතියකට විශාල ලයින් එකක් යෙදීම  සුදුසු වන්නේ නැහැ. දෑස්වල අවසාන කොටසට වඩා මඳක් දිගට අයි ලයින් එක ඇඳ ගැනීමෙන් දෑස්වලට අමුතුම ලස්සනක් එකතු කරගන්න පුළුවන්.

අයි ලයිනර් ආලේප කිරීම අපහසු යුවතියකට ගැළපෙන තවත් ක්‍රමයක් ලෙස තිත් තබා අයි ලයින් එක ඇඳ ගැනීමේ ක්‍රමය පෙන්වා දෙන්න පුළුවන්. එක්වර ඉර ඇඳ ගැනිමට අපහසු නම් තිත් ආකාරයෙන් ඉර ඇඳ පසුව එය සියුම් ලෙස යා කිරිම  මෙහිදී සිදුකරගත හැකිය.

අයි ලයිනර් භාවිතා කිරීමේදී සිදුවන අත්වැරුදි වසා ගැනිමට ඔබට කන්සීලර් එක යොදා ගැනීමට පුළුවන් වන අතර ඒ වගේම වැස්ලින් තැවරූ කොට්න්බඩ් එකක් යොදාගන්නත් පුළුවන්.

 

අයි ලයිනර් ආලේපය මෙන්ම නිසි පරිදි එය ඉවත් කිරීම ගැනත් සැලකිලිමත් විය යුතුය. මේ සඳහා ප්‍රමිතියෙන් යුතු මේකප් රිමුවර් එකක් ආධාරයෙන් අයි ලයිනර් ඉවත් කර ගැනීම සිදු කළ යුතුය.

bottom of page