top of page

ලස්සන ඇස් දෙකක් ආකර්ශණීය මුහුණක්

අපි කතාවටත් කියනවා වටිනා දේවල් ඇස් දෙක වගේ පරිස්සම් කරගන්න කියලා. මේ විදිහට කියන්නේ ඇස් දෙක ඒ තරමට වටින නිසයි. පෙනීම ලබාදීමට අමතරව කාන්තාවකට නම් ආකර්ශණීය පෙනුමක් ලබාදීමටත් ඇස් වලට හැකියාව තිබෙනවා

beauty eye.jpg
  • Eye Lashes දැමීම, Eye Shadows ඇඳීම, Eye Liner ඇඳීම, ඇහි බැම සෑදීම, ඇහි බැම tatoo කිරීම, කාජල් හෝ මස්කාරා ආලේපනය, අව් කණ්ණාඩි පැලඳීම ආදිය ඇස් සඳහා වෙන් වූ අලංකරණ විධි කිහිපයක් විදිහට හඳුනාගන්න පුළුවන්.  මේ සියල්ල තාවකාලික අලංකරණ ක්‍රම විදිහටයි හඳුන්වන්නේ.

  • ඇස් වලට යොදන eye make-up විවිධාකාරයෙන් දැකගන්නට පුළුවන්. ඇඳුමේ පැහැයට, ආභරණ වල හැඩය අනුව, උත්සව අවස්ථාව අනුව ඇස් වලට ඇස් කාච (eye lenses), eye shadows, eye lashes යොදනවා. මේ වන විට සති 2,3 වුවද ආරක්ෂාකාරීව තබාගත හැකි eye lashes තිබෙනවා.

beauty eye2.jpg
  • Sunglass ගැන කතා කරන විට විවිධ මෝස්තරයේ ෆ්‍රේම් සහිත අව් කණ්ණාඩි පැලැඳීමට වැඩි දෙනෙක් උනන්දුවක් දක්වනවා. හිරු එළියට නිරාවරණය වන අයෙකු නම් අල්ට්‍රා වයලට් (භම) කිරණින් ආරක්ෂා කරන sunglass තමයි භාවිතා කිරීමට සුදුසු වන්නේ.

  • ඇස් වල ලස්සන ගැන විතරක් හිතලා මදි. ඇස් දෙක බාහිර ආලේපන වලින් වගේම අභ්‍යන්තර ශාරීරික ක්‍රියාවලින්ගෙන් ද ආරක්ෂා කර ගැනීම ඉතාමත් වැදගත්.

beauty eye4.jpg
  • මුහුණට යෙදු make-up එකක් ඉවත් කිරීමේදී ඇස් වල ඇති make-up ඉවත් කිරීමට make-up remover එකක් භාවිතා කිරීමට වගබලා  ගත යුතුය. ඇස්වල make-up ඉවත් කිරීමේදී ඇස් වල සම ඇදෙන ආකාරයට වගේම ඇස් දෙක තද වන අයුරින් සිදු කරන්න එපා.

  • Eye make-up removers වර්ග තෝරා ගැනීමේදී ඉහළ ප්‍රමිතියෙන් යුතු ගුණාත්මක බ්‍රෑන්ඩ් එකක් මිලදී ගත යුතුය. එමෙන්ම කල් ඉකුත් වීමේ දිනය පිළිබඳවත් ඕනෑම නිෂ්පාදනයක් මිලදී ගැනීමේදී පරික්ෂා කළ යුතුයි. වැරැදි නිෂ්පාදනයක් වැරැදි ආකාරයට භාවිතා කළ විට ඇස් කැසීම, ඇස් වියළි ස්වභාවයක් ගැනීම, සම රැලි වැටීම වැනි දේවල් සිදුවීමට ඉඩකඩ පවතිනවා.

  • අධික තෙහෙට්ටුව ඇති විටෙක, සුවදායි නින්දක් නොලැබුවේ නම් ඇස් විඩාබර ස්වභාවයක් පෙන්නුම් කළ හැකියි. මෙම විඩාබර ගතිය නැති කර ගැනීමට රෝස වතුරේ බහාලූ පිපිඤ්ඤා පෙති දෙකක් විනාඩි 20 ක් පමණ ඇස් පියන් වසා තබා ගත හැකියි.

beauty eye5.jpg
  • ඇස් වල ප්‍රබෝධමත් ගතිය ඇති කර විඩාබර ගතිය නැති කිරීමට, පාවිච්චි කොට ඉවත දමන ග්‍රීන් ටී බෑග් දෙකක් (රස්නය ඉවත් වන තුරු තබා) ඇස් දෙක මත තබා ගත හැකියි.

  • ඇස් වලට මෙන්ම මුහුණටද විඩාබර ගතිය මඟහැරවීමට ඉතාමත්ම සුදුසු දෙයක් තමයි green tea අයිස් කියුබ් කියන්නේ. මෙවැනි දේවල් ඔබට ඉතාමත්ම පහසුවෙන් නිවසේ සිටම සිදුක⁣ර ගැනීමට පුළුවන්.

  • ඇස් වටා කළු වීම සඳහා විවිධ හේතු තිබෙන්නට පුළුවන්. ඒ අතර ශරීරය නිසි ආකාරයට පිරිසිදු නොවී, මලබද්ධය වැනි තත්ත්වයන් පැවතීම, අධික නිදි වැරීම, පීනස, කම්පියුටර්, ජංගම දුරකතන තිර ආදිය දෙස දිගු වේලාවක් බලා සිටීම, නිදන්ගත හෝ පරම්පරා රෝගයක් තිබීම, ඉරුවාරදය ආදී හේතු ප්‍රධානයි.

  • ඇස් වටා කළු වීම නැති කර ගැනීමට කුමන සත්කාරයක් බාහිරව සිදු කළත් ශරීර අභ්‍යන්තරයේ පවතින රෝගකාරක ඉවත් නොකර සත්කාර සිදුකිරීම 100% ක් ප්‍රතිඵලදායක නොවෙයි.

  • පිපිඤ්ඤා, මිංචි කොළ, දෙහි, මී පැණි, ග්‍රීන් ටී, කුරුදු ආදියට නිවා නොගත් උණු වතුර දමා රැයක් තබා පසුවදා උදයේ පානය කිරීමෙන් ශරීර අභ්‍යන්තරයට cletox කිරීම කළ හැකියි. මෙයින් සිරුරේ අනවශ්‍ය මේදය ඉවත් කිරීමට හැකියි. අරළු පෙති දෙකක් පානය කිරීමෙන් සිදුවන්නේ මෙයමයි.

  • ශරීරයට අවශ්‍ය විටමින්, පලා, පලතුරු, එළවළු ආදිය නිවරදිව ලබා ගැනීමත් ඇස් වල සම රැලි වැටීම, ඇස් වටා කළු වීමට කරන සත්කාර නිසි උපදෙස් මත සිදු කිරීමද ඉතා වැදගත්ය.

beauty eye3.jpg

පරිගණක අක්ෂර සංයෝජනය - චතුරිකා හේරත්

bottom of page