ඉඩම්, නිවාස, රථ වාහන ඇතුළු අනෙකුත් ලුහුඩු දැන්වීම් දැන් නොමිලේ පලකරගන්න. පිවිසෙන්න මෙතනින්. | Facebook Fan Page | Hotline: 0775947051
අන්තර්ජාල ප්රචාරක කලාවේ නව්‍යකරණය
වාලම්පුරි ගැන ඇත්ත දැනගනිමු.
වාලම්පුරිය හෙවත් දක්ෂිණාවෘත්ත සංඛය සෞභාග්‍යයේ ශ්‍රී විභූතිය විදහා දක්වන උත්තරීතර මහා සංකේතය වේ. දකුණට කරකැවුණ දක්ෂිණාවෘත්ත සංඛය ශ්‍රී විෂ්ණු දෙවියන් සුරතින් දරා සිටින වස්තුවයි.වාලම්පුරියෙන් නිකුත් වන ශබ්දය ‘ඕම්’ ලෙසින් හැඳින්වෙයි. ඈත අතීතයේ ලියැවී ඇති බ්‍රහ්ම පුරාණයේ වාලම්පුරිය ගැන විශාල තොරතුරු රාශියක්ම ඇතුළත්ව ඇත. පද්ම පුරාණයේද මේ පිළිබඳ කියවේ. යමෙකු වාලම්පුරියක් සතුවේ නම් ඔහු තුන්ලොවම ජයගන්නේය. සියලු පව් දුරුවේ. එතරම් අතිප්‍රබල ජීවමය බලවේගයක් සතුව තිබෙන බැව් වාලම්පුරියක් සතුව ඇති අයගේ ප්‍රබල විශ්වාසයකි.එහි පූර්ණ ශක්තියක් තිබෙන බැව් බොහෝ පරියේෂණ වලදී හෙළිවී ඇත.
-
විශ්ණු දෙවියන් හා ලක්ෂ්මි දෙවඟනගේ හදවත බඳු වාලම්පුරිය හස්ත සාර මහා මංගලවස්තුව ලෙසින්ද හැඳින්වෙයි. කිරිහමුහුද කලඹද්දී අසු සුරබිදෙන අමෘතය -භද්‍රඝටය-කප්රුක-ධනවන්තරි ඍෂි වාලම්පුරිය මතුවී තිබේ යැයි දේව පුරාණයේ සඳහන් වේ.
-
දකුණට කරකැවුණ සක්බෙල්ලා මහසයුරේ ජීවත් වන්නේද ගරු ගාම්භීර සත්ත්වයෙකු ලෙසය.මෙකී මහා බලැති සකබෙල්ලාගේ ආරක්ෂාවට වෙනත් බෙල්ලන් රාශියක්ම වට කරගෙ සිටිති. ස්ත්‍රී වාලම්පුරි හා පුරුෂ වාලම්පුරිය යන දෙවර්ගය විෂ්ණු හා ලක්ෂ්මිය ලෙසට හැඳින්වේ. ලක්ෂ්මී පාලම්පුරිය (ස්ත්‍රී) නෙලුම් පෙතිවන් උල්සහිත ඔටුන්නක හැඩයක් ගනී. පුරුෂ වාලම්පුරිය දිගැටිය.
-
වාලම්පුරියක් තිබේ නම් එය ජීවම් කොට සත්කාර කළ යුතුය. රත්තරනින් හැඩගන්වා අලංකාර කොට නවරත්න ගල් අල්ලා ගැනීම වඩාත් සුබයි. අසීමිත ගුප්ත බලයක් ඇති වාලම්පුරිය මනුෂ්‍යයාට සීමිත බලයක් ගෙනදේ. වාලම්පුරියක් තිබේ නම් පෙර පිනකි. යමෙකු වාලම්පුරියක් දැකීමෙන් පවා භාග්‍ය උදාවේ. මානසික සංහිඳියාවක් ඇතිවේ.
-
සිකුරාදා දිනක රාත්‍රී 12. - 42 වාලම්පුරියක් කහදියර - එළකිරි හා තැඹිලි වතුරින් දෝවනය කරනුයේ නම් හෙතෙම සෞභාග්‍යය ළඟා කරගන්නේය. ඖෂධ වර්ග 40ක් මත වාලම්පුරියක් තබා ගැනීමෙන් ද යහපත උදාවේ.
-
වාලම්පුරිය ජීවම් කර වතාවත් කිරීමෙන් බලය හා ශක්තිය ඇතිවේ. විෂ්ණු හා ලක්ෂ්මි වාලම්පුරි දෙකක් මැටි බඳුනක වී අසුරා ඒ මත සුදුහඳුන් කෑල්ලක් උඩුඅතට වාලම්පුරියද තබා සමන්පිච්ච මල් උදේට දමා ජීවම් මන්ත්‍රයෙන් ජප කිරීමෙන් නොසිතූ බලයක් ගුප්තව තමාට කාන්දුවේ. සංඛය තැන්පත් කළ යුත්තේ ගෝධුලි මුහුර්තයෙන්ය.
-
පුර හෝ අව 13 වකද අසුබය. ශනි දින හිරු අස්තයට පෙර ගුරුදින හිරු අස්තයට පසුද මුහුර්තිය සුබයි. මෙම වාලම්පුරිය තැන්පත් කර පුදසත්කාර කරන්නේ නම් සතුට, සෞභාග්‍යය,විවාහය ඉක්මන්වීම දරු සම්පත් ලැබීමේ ශක්තිය ඇතිවෙන බැව් පුරාණයන්හි සඳහන් වේ. මල් පහන් පුදා පිරිත් කියා වාලම්පුරියට සුදු මල් පුදා සුවඳ දුම් දීමෙන් ස්තෝත්‍ර ගැයීමෙන් තම අපේක්ෂා ඉටුකර ගත හැකිය. පැරණි රජදරුවන් ධනකුවේරයන් මෙම දක්ෂිණා වෘත්ත වාලම්පුරිය තබාගෙන තම බලය හා ශක්තියෙන් උපරිම වැඩකර ගත්හ.
-
වී ඇටයක කරම් ප්‍රමාණවත්වූද නෙරලු පලයක් තරම් විශාල වූද වාලම්පුරි ඇත්තෝය. ගැඹුරු මුහුදෙන් නෙළාගත් වාලම්පුරිය සාගරයේ මහා අධිරාජ්‍යයා වේ. වාලම්පුරියේ බලය හා ශක්තිය ඒවායේ ප්‍රමාණය අනුවද ගෙනදේ.
-
කවුරු කෙසේ කීවත් වාලම්පුරිය දක්ෂිණා වෘත්ත සංඛය අත්පත්කර ගැනීමට උපන් වාසනාවක්ද තිබිය යුතුයි. සියල්ලම මිථ්‍යාවක් යැයි සිතන ප්‍රකාශ කරන අය නම් වලම්පුරියට එතරම් සැලකිල්ලක් නොදක්වති. දෙවියන් පය තැබීමට අකමැති තැන මෝඩයා කරණම් ගැසීම ගැන කවර කතාද? ඉන්දියාවේ ආන්ද්‍රා ප්‍රදේශයේ වාසය කරන දේව මාධාවා සතුව ඇති වාලම්පුරි සංඛ්‍යාව 1008ක් පමණ වේ.
පරිගණක අක්ෂර සංයෝජනය ප්‍රබෝධා මුතුමාලි