top of page

මුත්‍රා ගල් පිත්තාශයේ ගල් නිට්ටාවටම සුව කළ හැකියි

වර්තමානය වන විට මුත්‍රා ගල් ඇති වීම ඉතාමත් සුලබව දැකගත හැකි රෝගී තත්ත්වයක්. එසේ වුවත් ආයුර්වේද වෛද්‍ය විද්‍යානුකූලව ඒ සඳහා ඉදිරිපත් කර ඇති සාර්ථක විසඳුම් නිසා බොහෝ රෝගීන් තමාගේ ජීවිත නිරෝගීව ගත කරනු ලැබේ. එවැනි ප්‍රතිකාරවල පවතින විශ්මිත බව නිසාම ආයුර්වේද වෛද්‍ය විද්‍යානුකූලව මුත්‍රා මෙන්ම පිත්තාශය ආශ්‍රිත ගල් ඇතිවීමේ රෝග හේතු පිළිබඳ දැනුමක්, අවබෝධයක් ලබා ගැනීම ඉතා වැදගත් වේ. මේ ඒ පිළිබඳ ආයුර්වේද වෛද්‍ය රන්පත රුවන් රත්නායක දැක්වූ අදහස්.

මිනිසාගේ මෞත්‍රලිංගික පද්ධතිය ආශ්‍රිත රෝග තත්ත්ව ගණනාවක් වර්තමානය වන විට දැක ගැනීමට හැකි අතර, මුත්‍රා දැවිල්ල, මුත්‍රා මාර්ගයෙන් රුධිරය පිටවීම, මුත්‍රාශ්‍රය ආශ්‍රිත කලාපවල ඇතිවන වේදනාව මෙන්ම මුත්‍රා ගල්ද ඒ අතර ප්‍රධාන තැනක් හිමිකර ගනු ලැබේ. ආයුර්වේද වෛද්‍ය විද්‍යානුකූලව මෙසේ ඇතිවන ගල් අශ්මරී ලෙසින් හැඳින්වීම වඩාත් නිවැරදි වේ. මීට අමතරව ශුක්‍ර අශ්මරී ලෙස ශුක්‍රානු ඝන වීම නිසා ඇති වන රෝගී තත්ත්ව මෙන්ම පිත්තාශය ආශ්‍රිතව ඇතිවන ගල්ද තිබෙන අතර, ඒවා පිත්ත අශ්මරී ලෙසින්ද හැඳින්වේ.

වෛද්‍යතුමනි, මෞත්‍රලිංගික පද්ධතිය ආශ්‍රිතව මෙවැනි ගල් ඇති වීමට බලපාන හේතු මොනවාද?

අධික වශයෙන් මාංස ආහාරයට ගැනීම මීට බලපාන ප්‍රධාන හේතුවක් වශයෙන් හඳුන්වා දිය හැකි අතර, හරක් මස් එහිදී ප්‍රධාන තැනක් ගනු ලැබේ. තවද උෂ්ණාධික ආහාර අධිකව ගැනීම, අධිකව දහදිය පිටවන ක්‍රියාවල නිරත වීම සමඟම ප්‍රමාණවත් පරිදි ජලය පානය නොකිරීම මීට බලපාන හේතූන් ලෙස සඳහන් කළ හැකිය. තවද මුත්‍රා සහ ශුක්‍රවේග ධාරණයත් මීට බලපාන තවත් හේතුවකි.

මුත්‍රා ගල් ඇති වූ විටදී රෝගියා මුහුණ දෙන අපහසුතා මොනවාද?

මුත්‍රා ගල් ඇති වූ විට මුත්‍රා කිරීම ඉතාම අපහසු විය හැකිය. එවිට තුනටියෙන් පටන්ගෙන කලවා සහ ඉකිළි ප්‍රදේශය දක්වා ගමන් කරන වේදනාවක් හටගත හැකිය. විශේෂයෙන්ම මෙම ගල් ඇති වීමේ වැඩි ප්‍රවණතාවක් ඇත්තේ පිරිමි පාර්ශවයේ අයටයි. තවද ඔවුන්ගේ අණ්ඩ කෝෂ එල්ලා වැටීම මෙන්ම තුනටිය ප්‍රදේශයේ එක් පැත්තකට වන්නට තද කැක්කුම්ද ඇති වේ. ඒ වගේම බඩ දැවිල්ල, උගුරට එන ස්වභාවය, කලවාවල සිට පාදයේ පහළ ප්‍රදේශය දක්වා හිරිවැටෙන ස්වභාවයක්ද බොහෝ විට දැකගත හැකි වේ. මෙවැනි ලක්ෂණ මෞත්‍රලිංගික පද්ධතියෙන් පිටතට විහිදෙන වේදනාවල් වශයෙන්ද හඳුන්වා දිය හැකිය.

මීට අමතරව මුත්‍රා පිටකිරීම් ආශ්‍රිතවද රෝග ලක්ෂණ පිළිබඳ පැහැදිලි කළ හැකියි. එහිදී තද කහ පැහැයෙන් මුත්‍රා පිටවීම හෝ මුත්‍රා සමග රුධිරය පිටවීම දැකගත හැකි වේ. මෙවැනි රෝගින්ට කෑම ගැනීමේ අපහසුතාව, ශරීරය වෙව්ලන ස්වභාවයක්ද දැකගත හැකි වේ. තවද ශුක්‍ර නාළ අවහිර වීමෙන් විවිධ පීඩාවන් ඇති කරනු ලැබේ. මෙහිදී ශුක්‍රානු ඝන වීම නිසා ඇතිවන ස්ඵටික, ශුක්‍ර නාළවල සිරවී ශුක්‍රානු පිට කිරීමේ අපහසුතා ඇතිවීමෙන් මෞත්‍රලිංගින පද්ධතිය පීඩාවට පත්කරයයි. තවත් රෝගීන්ගේ මුත්‍රා මාර්ගය හරහා පිටවන අවස්ථාද දැකගත හැකි වේ.

මුත්‍රා මාර්ගය හරහා එවැනි ගල් පිටවීම නිසා රෝගියාට මුහුණ දීමට සිදුවන අපහසුතා මොනවාද?

මෙසේ මුත්‍රා මාර්ගය හරහා පිටවන ගල්වල තියුණු ස්වභාවය නිසා මුත්‍රා මාර්ගය සීරීමකට ලක්විය හැකිය. මෙය ඉතා අධික වේදනාවක් ඇතිවන අවස්ථාවකි. මෙසේ මුත්‍රා මාර්ගය තුවාල වීම නිසා ඇතැම් අයට මුත්‍රා සමග රුධිරය පිටවිය හැකිය. ඊට අමතරව මුත්‍රා මාර්ගය ඉදිමීම මෙන්ම ලිංගය ආශ්‍රිතව තද වේදනාවක්ද ඇති විය හැකිය. ඇතැම් පිරිසකට මුත්‍රා කිරීමෙන් අනතුරුව රුධිර බිඳිති කිහිපයක්ද පිටවිය හැකිය. මුත්‍රා කිරීමේ අවශ්‍යතාවක් ඇති වුවත් මුත්‍රා පිට නොවීම මෙන්ම ස්වල්ප වශයන් පිටවීමද බොහෝ දුරට දැකගත හැකි වේ.

පිත්තාශයේ ගල් ඇති වීම පිළිබඳ පැහැදිලි කළොත්?

මෙහිදී උදරයේ දකුණු පැත්තේ ඇති වන වේදනාවන් පිටකොන්ද ප්‍රදේශය දක්වා විහිදී යනු ලැබේ. එවැනි රෝගීන්ට තුනටිය ආශ්‍රිත කැක්කුම් ඇති නොවේ. බොහෝ දුරට මෙම රෝගී තත්ත්වය කාන්තාවන්ට සුලබව දැකගත හැකි වේ. ඇතැම් විට පිත්තාශය තුළ හටගන්නා මෙම පිත්ගල් පිත්ත නාළය ඔස්සේ පහළ බඩවැල දක්වා ගමන් කරනු ලැබේ. ඇතැම්විට එසේ පැමි‍ණෙන ගල් අවහිර වුණොත් රෝගියාට විවිධාකාර පීඩාකාරී තත්ත්ව සඳහා මුහුණ දීමට සිදුවේ. ශරීරය සීත කිරීම, වමනය, වෙව්ලීම, පිත උගුරට පැමිණීම, ඒ පීඩාකාරී තත්ත්ව වේ. තවත් පිරිසකට පිත්තාශයේ හට ගන්නා ඇතැම්  ආසාදන නිසා සෙංගමාල තත්ත්ව ඇති වී ශරීරය කහපාට වීම වැනි රෝග ලක්ෂණ ඇතිවිය හැකිය.

එතකොට වෛද්‍යතුමනි පිත්තාශයේ ගල් ඇතිවීමට හේතු?

ආහාර ජීර්ණයේදී ඇති වන විෂමතාවන් හා වැරැදි ආහාර ක්‍රම පිත්තාශයේ ගල් ඇතිවීමට හේතු වේ. විශේෂයෙන් විරුද්ධ ආහාර ගැනීමෙන් මේ තත්ත්වය උග්‍ර අතට පත් වේ. තවද වැරැදි ආහාර ගැනීමෙන් ඇති වන රසායනික සංයෝගයන්ගේ ප්‍රතිඵලයක් ලෙසින් හටගන්නා ඔක්සලේට් පදාර්ථද මීට හේතුවේ. උදාහරන ලෙස තක්කාලි සමඟ හාල්මැස්සන් ආහාරයට ගැනීම නිසා ඔක්සලේට් පදාර්ථ ඇති වේ.

මෙවැනි රෝග සඳහා පවතින පිළියම් ලෙස ඔබතුමන් දක්වන අදහස?

ආයුර්වේද වෛද්‍ය ක්‍රමය අනුව නැවත එම ගල් ඇති වීමට බලපාන තවත් හේතුවක් වන්නේ ආහාර ජීර්ණයේ ඇතිවන යම් යම් දුර්වලතාවන්ය. ආහාර ජීර්ණයේ විෂ මතාවන් බැහැර කර ඉතා හොඳින් ආහාර ජීර්ණය පහසු වන පරිදි ජීර්ණ පද්ධතිය සැකසීම ආයුර්වේද ප්‍රතිකාර ක්‍රමය යටතේ සිදුවේ. එවැනි වෛද්‍ය ක්‍රමයක් භාවිතා කිරීමෙන් නැවත මුත්‍රා ගල් ඇති වීම මෙන්ම අතුරු ආබාධ ඇති වීමද සිදු නොවේ. වකුගඩු මඟින් ඉතා හොඳින් මුත්‍රා පෙරීමේ කටයුතු මෙන්ම පිත්තාශයේ පවතින සියලු අසාත්මිකතාද දුරු වී යනු ලැබේ.

මුත්‍රාශ්මරී, පිත්තාශ්මරී රෝගයන්ට සමගාමීව පවතින අනෙකුත් රෝග තත්ත්වයන් සහ ඒවාට ඔබතුමන් ඉදිරිපත් කරන නව ප්‍රතිකාර ගැන සඳහන් කළොත්?

මෙවැනි රෝග ඇතිවන බොහෝ අවස්ථාවලදී එම රෝගවලට සමගාමීව ඇතිවන විවිධ වූ වෙනත් කායික රෝගද හටගනී. ඇදුම, පීනස, අර්ශස්, බඩ පුරවා දැමීම,  මලබද්ධය, බඩගින්න ඇති වීම හෝ අධික බඩගින්න ආශ්‍රිත ජීර්ණ පද්ධතියේ දෝෂ (ගැස්ට්‍රයිටීස් මේ අතුරින් ප්‍රධාන තැනක් ගනී.) හිසේ කැක්කුම, නින්ද නොයෑම, අධික නිදිමත, අධික ලෙස කේන්ති යෑම, ඇස් කන් කැසීම,උගුරේ සෙම පැටලීම, සෙම්ගෙඩි, නිතර සෙම ඇවිස්සීම, අත්, පා, ඇඟපත දැවිල්ල, අත්, කකුල්, ඇඟිලි හිරිවැටීම ආදි බොහෝ රෝග ලක්ෂණ අවස්ථානුකූලව ඒ ඒ පුද්ගලයන්ට ආවේණික ලෙස ප්‍රමුඛ වේ. මේ අතර බොහෝ අය දියවැඩියා රෝගයෙන්ද පෙළේ. විමර්ශනශීලීව ආයුර්වේද විද්‍යාත්මක රීතීන්ට අනුව රෝග සුවපත් කිරීමේ නියැළෙන්නන්ට එකවිට එක රෝග තත්ත්වයක් හෝ ලක්ෂණයක් පිළිබඳ පුළුල්ව සොයා බලා සැලැසුම්සහගතව ප්‍රතිකාර කිරීමෙන් එවන් වූ සියලු රෝග නිට්ටාවටම සුව කරගත හැකිය.

වත්මන් සමාජයේ බුද්ධිමත් විමර්ශනශීලී සියල්ලන්ම පාහේ ආයුර්වේද වෛද්‍ය ක්‍රමය පිළිබඳ තිරසාර විශ්වාසයක් ගොඩනගාගෙන තිබුනද මෙම වෛද්‍ය කර්මයන්හිදී අමුද්‍රව්‍ය සොයා කපා කොටා සකස් කරගෙන කෂාය තැම්බීම සහ වෙනත් ඖෂධ පිළියෙළ කර ගැනීම නිසියාකාරයෙන් සිදුකර ගැනීමට අපහසු වීම නිසා මෙම විශිෂ්ට වූ වෛද්‍ය ක්‍රමයට අවතීර්ණ නොවේ. නමුත් ඉපැරැණි ප්‍රෞඪ ඉතිහාසයකට උරුමකම් කියන අපගේ හෙළ වෙදකමෙහි සශ්‍රීක මූලාශ්‍රයන්ගෙන් පෝෂණය වූ රන්පත වෙද පරපුරෙහි විස්මිත වෙදකම් නිර්මාණශීලීව යාවත්කාලීන කර ඇත්තේ රෝග නිට්ටාවටම සුවපත් කර ගැනීමට නව මගක් විවර කරමිනි.

එමෙන්ම වෛද්‍ය රන්පත රුවන් රත්නායකයන් දියවැඩියාව, ගැස්ට්‍රයිටීස්, අර්ශස්, පීනස් රෝග, සෙම් රෝග, වාත රක්ත, හෘද රෝග සහ අධිරුධිර පීඩනය (ප්‍රෙෂර්) ඉරුවාරදය, පලුදැමීම, කැසීම්, වැනි සම සම්බන්ධ රෝග, ලිංගික දුබලතා, කාන්තා රෝග හා ගර්භාෂගත රෝග රැසකට ප්‍රතිකාර ලබා දීමේ හැකියාව පවතී. එමෙන්ම අද සමාජයේ සුලබව දක්නට ලැබෙන කාන්තාවන්ගේ දරුඵල ප්‍රමාද වීම, පුරුෂ ශක්තිය දුර්වල වීම ආදියටද මෙතුමා විසින් ප්‍රතිකාර කරනු ලැබේ.

පරිගණක අක්ෂර සංයෝජනය ක්‍රිස්ටීන් දිලූෂිකා

bottom of page